මිනිසුන් එති, සිනා සෙති
ආගිය තොරතුරු
පුංචි පුංචි ඕප දූප
කන්වලට කොන්දුරති...
ඒ සිනාසුන ඒ කතාකල උන්ම
වරෙක අත් වැල් බැඳ ගනිති
අන්තයක් තරම් දුරයන්න
පුංචි බැඳීම් තවත් හයි වෙති...
පියවර දහයක් ගිය තැන
හති වැටෙති උන්
තවත් යන්නට බැරි ලෙසට
මන් තනති වෙන් වෙන්න...
නැවතුන කලට වල්මත්ව
ගව් සියක් දුර මගක මැද
සිනා සෙති උන් අනන්තයේ හිඳ
වෙන අතක වාරුගෙන...
ලස්සනයි.
ReplyDeleteස්තුතියි!
Deleteබැදීම් වෙලාවකට හරි වෙහෙසයි තමයි..
ReplyDeleteඑක ඇත්ත දිනේෂ්!! එත් නැතුවත් බෑ
Deleteඅපූරුයි.. යතාර්ථය!!
ReplyDeleteස්තුත්යි
Delete