පෙරවදන මම, නුඹය පසුවදන
එකම පොත් පිංචක
පරිච්චේද, පිටු බෝමය
නුඹත් මාත් අතර
මේ හිතේ හීන ගැන
කියා එව්වත්
පිටුවෙන් පිටුවට
පවසාවි එය නුඹට
අන්තිම පරිච්චේදය
ඒත් නුඹේ සිතුවිලි ගැන
දැනගන්නේ කෙලෙසද මම?
කව්රු කියවාවිද
පොතක් අග සිට මුලට..
Monday, August 17, 2015
Saturday, June 27, 2015
දැවෙන ඉර...
ඉර නුඹට තේරුම් ගියදාක
සඳ යැපෙන්නේ උඹෙන් මිස
උඹ සඳෙන් යැපෙන්නැති වග...
උඹ දැවෙන විඳවන තරමටම
සඳ දැවෙන්නේ නැතැයි කිසිවිට...
ඒ දාහයෙන් උපන් ආලෝකය
සඳෙන් නොවෙහෙසී තරු විඳින වග
සඳත් රහසෙම තරු හා බැඳෙන බව
නුඹ නිදන හැම රාත්රියකම...
නිසැකවම හති වැටෙයි දවසක
දැවී දැවී එළිය දෙන නුඹ
සනසන්න ජීවය බිඳක් පිඹ
සඳ හැරේ යයි නොසිතන්න කිසිවිට...
ඒ සත්ය නුඹ උගත් දවසට
හිත වුනත් දෙස් දේවි නුඹහට
දැවෙනු හැරියේ ඇයිද නුඹ ගත
අයාලේ යන සඳක සතුටට...
Thursday, June 18, 2015
ආදරය සහ අපි..
ජීවිතේදි ලැබෙන
අංශුමාත්රික අත්දැකීම් වලින් උනත්
ටිකින් ටික පරිණත වෙන අපි
ඒ පරිණත කම
ලෝකෙටම බෙදන්න
උත්සුක වෙන අපි
අමිහිරි අත්දැකීම්
දහසක් වේදනාවන්ගෙන්
මිදෙන්නට වෙහෙසෙනා අපි
ආදරය නම් ප්රපංචය තුල
ළදරුවන් ලෙස
බොළඳ වන්නා වූ හැටි
විඳවමින් උනත්
නිරා දුක් කඳු පිටින්
ඒ වැරද්දම ආයේ ආයේ
නොනැවතී කරනා හැටි...
අංශුමාත්රික අත්දැකීම් වලින් උනත්
ටිකින් ටික පරිණත වෙන අපි
ඒ පරිණත කම
ලෝකෙටම බෙදන්න
උත්සුක වෙන අපි
අමිහිරි අත්දැකීම්
දහසක් වේදනාවන්ගෙන්
මිදෙන්නට වෙහෙසෙනා අපි
ආදරය නම් ප්රපංචය තුල
ළදරුවන් ලෙස
බොළඳ වන්නා වූ හැටි
විඳවමින් උනත්
නිරා දුක් කඳු පිටින්
ඒ වැරද්දම ආයේ ආයේ
නොනැවතී කරනා හැටි...
Sunday, June 14, 2015
හිරු...නුඹ බොළඳ
හිරු නුඹ.. බොළඳ
දැවි දැවී විරාමයක් නැතිව
බෙදා හැම රැස් සඳට,
සඳු තරු හා වෙලෙනු දැක
සුසුම් සලනා අරුමය
හිත තලන මතකය
නිසා තව තවත් දැවෙමින
පසුතැවිලි දහසක් මැද
වුනත් සඳ අඳුරෙද
සොයා නෙත් තවම වෙහෙසන
විරාමයක් නොම ගෙන
නොදී සුව ගිලන් හිත හට
සඳ ගැනම දවසම
සිතා සිත වෙහෙසන
හිතුවක්කාරයා හිරු නුඹ
නුඹ දැවී උපයන
රැස් නොවේනම් ළඟ
අහම්බයකින් වුව
නොදකීවී නුඹව ඒ සඳ
ඒ පරම සත්යයය
දැන්වත් හිතට අරගෙන
හැංගියන් පොලව පිටුපස
අලුත් හුස්මක් ගෙන
දැවෙන හිතට නිවන්නට..
දැවි දැවී විරාමයක් නැතිව
බෙදා හැම රැස් සඳට,
සඳු තරු හා වෙලෙනු දැක
සුසුම් සලනා අරුමය
හිත තලන මතකය
නිසා තව තවත් දැවෙමින
පසුතැවිලි දහසක් මැද
වුනත් සඳ අඳුරෙද
සොයා නෙත් තවම වෙහෙසන
විරාමයක් නොම ගෙන
නොදී සුව ගිලන් හිත හට
සඳ ගැනම දවසම
සිතා සිත වෙහෙසන
හිතුවක්කාරයා හිරු නුඹ
නුඹ දැවී උපයන
රැස් නොවේනම් ළඟ
අහම්බයකින් වුව
නොදකීවී නුඹව ඒ සඳ
ඒ පරම සත්යයය
දැන්වත් හිතට අරගෙන
හැංගියන් පොලව පිටුපස
අලුත් හුස්මක් ගෙන
දැවෙන හිතට නිවන්නට..
Tuesday, June 2, 2015
ඉබාගාතේ යන හිත..
හිත ගත්ත එක හිතක හරි
නවතින්න දොර ඇරුනනම්
ආදරයේ ශේෂයන්
මේ තරම් ගොඩ නොගැසුනානම්
උහුලන්න බැරි බරැති හිත
යන්තමින් අඩු වෙන්න තිබුනා
අනන්තවූ වැරදීම් මැද
එකම එක හරි මගක් වී නම්
අඳුරු කළු අහුමුලු අතර
කදෝපැණි එලියකදු දුටි නම්
ගාට ගාටා වැටී නැගිටී
ජීවිතේ තවදුර යන්න තිබුනා
පෙර මහා වන අතරමංව හිඳ
ඉබාගාතේ ඔහේ ඇවිදි කල
කටු පඳුරු වල පැටලී හිරවී
තැලී සීරී බිඳුන හදවත
සුව කරන්නට අයෙකු වීනම්
හිස් උනත් හිත නොබිඳෙන්න තිබුනා
අහස සයුරත සිඹින සිතිජෙක
ගොම්මනේ තනිවෙන්න හැකි නම්
හිතේ බර උඩු සුළඟටම දී
බිඳක්වත් වත් සැනසෙන්න තිබුණා..
හිත මෘදු කරන කඳුළු ටික
හලා හිත තද කරගන්න තිබුනා...
නවතින්න දොර ඇරුනනම්
ආදරයේ ශේෂයන්
මේ තරම් ගොඩ නොගැසුනානම්
උහුලන්න බැරි බරැති හිත
යන්තමින් අඩු වෙන්න තිබුනා
අනන්තවූ වැරදීම් මැද
එකම එක හරි මගක් වී නම්
අඳුරු කළු අහුමුලු අතර
කදෝපැණි එලියකදු දුටි නම්
ගාට ගාටා වැටී නැගිටී
ජීවිතේ තවදුර යන්න තිබුනා
පෙර මහා වන අතරමංව හිඳ
ඉබාගාතේ ඔහේ ඇවිදි කල
කටු පඳුරු වල පැටලී හිරවී
තැලී සීරී බිඳුන හදවත
සුව කරන්නට අයෙකු වීනම්
හිස් උනත් හිත නොබිඳෙන්න තිබුනා
අහස සයුරත සිඹින සිතිජෙක
ගොම්මනේ තනිවෙන්න හැකි නම්
හිතේ බර උඩු සුළඟටම දී
බිඳක්වත් වත් සැනසෙන්න තිබුණා..
හිත මෘදු කරන කඳුළු ටික
හලා හිත තද කරගන්න තිබුනා...
Saturday, May 30, 2015
දයාබර හිත..
දයාබර හිත,
සෙනේහෙන් උඹට ලියන
අන්තිමම ලියමන..
බලපං උඹේ හැටි
බටර් තලියක් වගේ
පොඩි රස්නෙටත් උණු වෙනවා..
ඒත් අනන්තවත් අර
උඹ වගේම හිත් ඉන්නේ
කළුගල් පර්වත වගේ..
ඇයි උඹටත් බැරි
ඒ වගේ වෙන්න?
හිතුවක්කාර කම්
ලැජ්ජනැති කම්
ටිකකට නවත්තල
මටත් ලජ්ජා නොකර
රටවටේ නොයා ඉඳපන්
බැරිමනම් යන දේවාලෙක පලයං
හැබැයි මගේ මොලෙයි.. හදවතයි..
ඉතුරු කරලා මට
මොකද ඒවා මගේ... මගේ විතරමයි..
සෙනේහෙන් උඹට ලියන
අන්තිමම ලියමන..
බලපං උඹේ හැටි
බටර් තලියක් වගේ
පොඩි රස්නෙටත් උණු වෙනවා..
ඒත් අනන්තවත් අර
උඹ වගේම හිත් ඉන්නේ
කළුගල් පර්වත වගේ..
ඇයි උඹටත් බැරි
ඒ වගේ වෙන්න?
හිතුවක්කාර කම්
ලැජ්ජනැති කම්
ටිකකට නවත්තල
මටත් ලජ්ජා නොකර
රටවටේ නොයා ඉඳපන්
බැරිමනම් යන දේවාලෙක පලයං
හැබැයි මගේ මොලෙයි.. හදවතයි..
ඉතුරු කරලා මට
මොකද ඒවා මගේ... මගේ විතරමයි..
Friday, May 22, 2015
මංගල කිංකිණි!!
පත්තර පිටුවක
අඟල් ගානක ඉඩක
මනාලියෝ හොයන,
මනාලයෝ හොයන,
දැන්වීම් වල
සීමිත වචන පෙල
වත්කම්..උගත්කම්..
කුලය.. පාට ගැන
විතරක්ම ලියවෙන..
සොයන්නේ කොහොමද?
ඒ වචන ටික තුල
අනාගත සහකරු, සහකාරිය
ගතිගුණ හැසිරීම් ගැන
යන්තමින්වත් නොදැන...
අන්නතවත් මඟ හැරෙනවා ඇති
මහ බඹුන් මවපු බන්ධන
නුහුරු නුපුරුදු උන් විලසට
හමුවුනා මදිවට පත්තර පිටුවක
බැඳේන්නේ කොහොමද?
අපි අපිව නොදැනම
නොකියා මගේ හීන ගැන
නොඅසා ඔබේ හීන ගැන
හදන්නේ කොහොම එක වහලක් අප?
නොදැන නුඹ මාව..
නොදැන මා නුඹව..
අඟල් ගානක ඉඩක
මනාලියෝ හොයන,
මනාලයෝ හොයන,
දැන්වීම් වල
සීමිත වචන පෙල
වත්කම්..උගත්කම්..
කුලය.. පාට ගැන
විතරක්ම ලියවෙන..
සොයන්නේ කොහොමද?
ඒ වචන ටික තුල
අනාගත සහකරු, සහකාරිය
ගතිගුණ හැසිරීම් ගැන
යන්තමින්වත් නොදැන...
අන්නතවත් මඟ හැරෙනවා ඇති
මහ බඹුන් මවපු බන්ධන
නුහුරු නුපුරුදු උන් විලසට
හමුවුනා මදිවට පත්තර පිටුවක
බැඳේන්නේ කොහොමද?
අපි අපිව නොදැනම
නොකියා මගේ හීන ගැන
නොඅසා ඔබේ හීන ගැන
හදන්නේ කොහොම එක වහලක් අප?
නොදැන නුඹ මාව..
නොදැන මා නුඹව..
Subscribe to:
Posts (Atom)