හිරු නුඹ.. බොළඳ
දැවි දැවී විරාමයක් නැතිව
බෙදා හැම රැස් සඳට,
සඳු තරු හා වෙලෙනු දැක
සුසුම් සලනා අරුමය
හිත තලන මතකය
නිසා තව තවත් දැවෙමින
පසුතැවිලි දහසක් මැද
වුනත් සඳ අඳුරෙද
සොයා නෙත් තවම වෙහෙසන
විරාමයක් නොම ගෙන
නොදී සුව ගිලන් හිත හට
සඳ ගැනම දවසම
සිතා සිත වෙහෙසන
හිතුවක්කාරයා හිරු නුඹ
නුඹ දැවී උපයන
රැස් නොවේනම් ළඟ
අහම්බයකින් වුව
නොදකීවී නුඹව ඒ සඳ
ඒ පරම සත්‍යයය
දැන්වත් හිතට අරගෙන
හැංගියන් පොලව පිටුපස
අලුත් හුස්මක් ගෙන
දැවෙන හිතට නිවන්නට..
No comments:
Post a Comment