Friday, May 10, 2013
මෙය "සංස්කෘතිය" නම් විය..
මෙපුර දන කැල
සොයති පතිවත
යාර හයක් දිග
රෙදි කැබලි වල..
දකිති උන් වෙසගන
මිනි ගවුම් තුල..
කන්‍යාවක්ම නොවුනද
සැතපුනත් සිය ලඟ
අඳී නම් සාරිය
වේය ඇය දෙවගන ..
මෙය,
"සංස්කෘතිය" නම් විය..
Wednesday, May 1, 2013
ආදරය...විරහව...අතරමැද !!
"සමී! 4.30 වෙද්දී ටවුන් හෝල් එකගාවට ආවම ඇති ළමයෝ..කලින් ඇවිත් රස්තියාදු වෙන්නෙපා..පරිස්සමින් ඩ්‍රයිව් කරන්න හොඳේ ? " හරි කියල මන් ෆෝන් එක තිබ්බේ ඇත්තටම ඒ වචන ආපහු මතක් කරමින්.. රස්තියාදු වෙන්න? කොල්ලෙක්ට කුළුඳුල් ආදරේ වෙනුවෙන් රස්තියාදු වෙන්න බැරිනම්,උන් රස්තියාදු වෙන්නේ නැති නම් ලොකු පුදුමයක්.ඇත්තටම මන් ආදරේ කරනවා ජිවිතේ මුල්ම වතාවට.ඒ වෙනුවෙන් මන් ජීවිතේම කැපකරලා ඉවරයි.එදා ජයික් හිල්ටන් එකේ නිම්නා දැකපු මුල් දවසේ ඉඳන් ගතවුණ හැමතප්පරයක්ම මන් මගේ ජිවිතේ ආදරේ වෙනුවෙන් මහන්සි වෙනවා.
උදේ අටේ ඉඳන් මගේ හිතත් එක්ක කරපු යුද්දෙ නතරකරන්න වෙලාව හරි,දැන් හැමදාම එකම විදිහ උනත් දවසේ මන් ආසම පැය කීපය පටන් ගන්න ලඟයි. ඔෆිස් එකේ ශාන්ත පරිසරයෙන් මිදිලා මන් හැමදාම ආදරේ කරපු ඒ කලබලකාරී කොළඹ නගරයේ වාහන තදබදය එක්ක මුසුවෙද්දීත් මන් හිතුවේ නිමනා ගැන විතරමයි.කොහොමත් මේ ටිකේම මන් වෙන දෙයක් ගැන හිතුවනම් ඒ බොහොම කලාතුරකින්.
හරියටම හතරාමාරයි,නිම්නා කියපු තැන කියපු වෙලාවටම,මන් ගොඩක්ම කැමති එයාගේ මේ කීදේ කරන, කරන දේ කියන චරිතයට..හිනාවක් මුනේ පුරවගෙන කාර් එකට නැග්ග ගමන් කියපු මුල්ම වචනේ "ඩච් හොස්පිටල්" ඇත්තටම ජිවිතේ මන් යන පාර තීරණය කරන්න එයාට අයිතිය තියෙනවා,එත් මීට ටික කාලෙකට කලින් කෙල්ලෙක් දෙයක් කිව්වනම් මන් කරේ එකේ අනිත් පැත්ත.අද මම කොච්චරනම් වෙනස් වෙලාද? ටවුන් හෝල් ඉඳන් ඩච් හොස්පිටල් එනකම් අපි සෑහෙන්න හිනාවුණා,කතා කලා.ආදරේට කෝඩුකාරයන් උනාම එකේ වරප්‍රසාද උපරිමෙන් විඳින්නත් එපැයි.වාහනේ රෙස්ටුරන්ට් එක ලඟින් පාර්ක් කරල කෙලින්ම ගියේ අපේ පුරුදු මේසෙට.පහුගිය මාස ගානම අපි කියන දේවල් අහන් ඉඳල මේ මේසේ අපිටත් වඩා අපි දෙන්න ගැන දන්නවා මයේ හිතේ...පුරුදු ඔරේන්ජ් ඩ්‍රින්ක් එක ඕඩර් කරපු අපි ඒක එනකම් භාවනාවක,එකිනෙකාගේ ඇස් දිහා බලන්.මෙච්චර වෙලාවක් කතාකරපු හැමදේටම වඩා ඒ මිනිත්තු පහේ අපි අදහස් හුඟක් හුවමාරු කරගත්තා..මුලින්ම නිම්නා "සමී මන් ඔයාට ආදරෙයි "කියපු මොහොතේ ඉඳන් මේ වෙනකම් ඔයා මාවත් මන් ඔයාවත් කොයි තරම් තේරුම් ගන්න ඇතිද?ජිවිතේ පලවෙනි ආදරේම මේ තරම් හිතට ලංවෙන්න අපි කොයිතරම් පින් කරල ඇද්ද?.... ඒ වෙලාවෙම ආපු බීම වීදුරුව තොල ගාන ගමන් අපි කතාව පටන් ගත්ත.විශේෂ දේවල් නෙවෙයි එදා දවසේ ඔෆිස් එකේ වුනු දේවල්.සීරියස් කතාවකට යන්න එතරම් හදිස්සියක් අපිට නෑ ,මොකද මේ අපි දෙන්නගේ දවස පටන් ගත්ත විතරයි.තව පැය දෙකක් තුනක් ඒ දවසින් අපිට ඉතුරුයි.ඒ අතරෙ නිතරම නොවෙන දෙයක්,මගේ ෆෝන් එක රිංග් වෙනව..නිම්නා මගේ ළඟ ඉද්දිත්.
හ්ම්! හිතුව හරි..තමීරා... "සමීර..ඔයා ගෙදර එන්න වෙලා යයිද? අද රෑට අම්මලාගේ දිහා යන්න තියෙනවා..ඔයාට අමතක නැනේ? හෙට උදේ මල්ලිගේ ෆ්ලියිට් එක..යන්න කලින් මස්සිනා පොඩ්ඩ බලල යන්න ඕනිලු.. ඉක්මනට එන්න හොඳේ.." මට හෙලෝ කියන වචනේ ඇරෙන්න වෙන මුකුත්ම කියන්න බැරි වුණා.කියනවා කියල මොනවා කියන්නද? ෆෝන් එකෙන් ඇහැ අයින් කරද්දීම දැක්කේ මන් මේ ලෝකේ ගොඩක්ම ආස කරන ඇස් දෙකේ මන් ආසම නැති ඒ අසරණ,අහිංසක බැල්ම.. "තමීරා අක්ක නේද?ඔයා ගෙදර යන්න සමී!!" නිම්නා කිව්වේ එච්චරයි..
අතීතය..(ගොඩක් දුර නැති!!)
ජනවාරි 17..ජයික් හිල්ටන් එකේ hrp අවොර්ඩ්ස් වලට මන් ගියේ තමීරාගේ බලකිරීමට.විශේෂයක් අකමැත්තක් නැතත් මට යන්න උවමනාවක් තිබ්බේ නෑ.එත් තමීරාගේ තර්ක විතර්ක ඉස්සරහ හැමදාම මන් අසරණයි.බෝල් රූම් එකේ කොනකට වෙලා ඉද්දි තමීරා එතනට ආවේ තවත් කෙල්ලෙක් එක්ක.මන් දොර ගාව ඉඳන්ම හදන් ආව ව්‍යාජ හිනාව තව ටිකක් වැඩි කරන්ම මන් එයාට අතට අත දුන්නා...
"සමීර මේ අපේ ඔෆිස් එකේ නිම්නා නංගි, මෙයා ලෝ කොලේජ් එකෙන් මේ අවුරුද්දේ අවුට් උනේ..."
"නිම්! මේ සමීර මගේ හස්බන්ඩ්"
එහෙමයි දෛවය මගේම බිරිඳ හරහා මගේ ප්‍රථම ප්‍රේමය මට මුණගැස්සුවේ.. දෛවය මිනිසුන්ට සරදම් කරනවා කියන එක මන් පිලිගන්නවා,ඒත් මට කලේ සරදමක්මද??
Monday, April 29, 2013
සම්මතය/අසම්මතය..මගේ ඇසින්...
සම්මතය අසම්මතය..අපි ජීවත් වෙන හැම මොහොතක් පාසාම අපේ හැන්ගීම් හිර කරන්න, නැත්තම් ඒවාට ඔහේ ගලා යන්න ඉඩ දෙන්නේ මේ දේවල් තමයි...ඇත්තටම සම්මතය යනු කුමක්ද??
"සම්මතය යනු බහුතර පිළිගැනීමයි.." ඒ මගේ නිර්වචනය,එහෙම බැලුවම අසම්මතය කියන්නේ බහුතරයක් ප්‍රතික්ෂේප කරන දෙයද?? අපි අඳින පළදින විදිහ ගමු, ඒකටත් සම්මතයක් තියෙනව.අපි කතාකරන විදියටත් සම්මතයක් තියෙනවා.අපේ හැම දේටම සම්මතයක් තියෙනවා.අපි ඒ සම්මතෙට අඳින්නේ,කන්නේ,කතා කරන්නේ අනිච්චානුගව කියලයි මට දැනෙන්නේ.මොකද අපි සම්මතය හරිද වැරදිද දන්නේ නෑ,ලෝකය පිළිගන්න දේම අපිත් පිලිගන්නවා..
එත් හැමදාමත් මන් අසම්මතයට ආදරය කලා, මගේ ජිවිතේ ආදරය ඉඳන් විරහව වෙනකම් හැමදේම අසම්මතයි.. බැඳීම් හැම එකක්ම අසම්මතයි.. මන් ඒ බැඳීම් ජිවිතේට ලන්කරගත්තේ ඒ නිසා වෙන්න ඇති... මට ලෝකේ හම්බුන ගොඩ දෙනෙක් සාමාන්‍යයි,ඒත් මගේ ජිවිතේ ලඟින්ම ඉන්න ගොඩ දෙනෙක් අසාමාන්‍යයි..ඇත්තටම ඒ ජිවිත මගේ හිතේ සදාකාලිකයි..මොකද මන් අසම්මතයට ආදරෙයි!!!
ජිවිතේ නැතිවෙන්න කිසිම දෙයක් නැති,අලුතින් දේවල් ලන්කරගන්නත් අකමැති මට අසම්මතය අත්හදා බලන එක ලොකු විනෝදයක්...අනික් උන්ට වඩා වෙනස් නිසා උන්ගේ විවේචනයට ලක්වෙන එක මගේ විනෝදාංශය වෙලා...ජිවිතේ ඉගෙන ගන්න ඕනි පොත් වලින් නෙවෙයි,අත් දැකීම් වලින් කියලයි මට හිතෙන්නේ..කෙලින් යන්න සමාජය අපිට උගන්නනකොට එක වතාවක් හරි අපි ඇදේට ගිහින් බලන්න ඕනි..
මේ ලෝකය වෙනස් කල හැම මිනිහෙක්ම සමාජ සම්මතයට එහා දැක්මක් තිබ්බ උදවිය කියල පැහැදිලියි...උන්ට ඒ ගැම්ම දුන්නේ හැමදේම එකම විදියට දැකපු සමාජය කියන එක සහතිකයි!!!

Monday, April 22, 2013
Tuesday, April 2, 2013
නුඹ වරදකාරිය ????
නුඹ ප්‍රේමයට අරුත් සෙව් දින
දුර ඈත පියාඹා යා හැකි කල
ඔහු නුඹට කිව්වේ වෙද,
ප්‍රේමයනම්...අඳුරු කුටියක
ජීවිතය දවා හැරුම බව...
නිමේෂයක සැනසුමට
ආත්මය ගිනිලෑම බව...
තටු සිඳුණු කිරිල්ලිය!
දැන් හඬා පල නැතිය...
නැගිටින්න දෙපයින්,
මගහැරුණ දුර යන්න...
පෙර ලෙසම බැරි වුනද,
නිල් අහස සිපගන්න...
මහපොලවවත් ඇතිය,
නුඹට යලි ඇවිදින්න...
නමුදු නුඹ සිත් තබාගනු අද!
ගින්දරට පිලිස්සුන නුඹ හට..
කණමැදිරි එලි වුවද සැර බවට...
Monday, March 25, 2013
කවියකුගේ විරහව..
පලිගන්න මේ කඳුළු වැල් වල
එකතු කල මේ වදන් දුටුවිට
කිඳා බස්සනු සැපකි පිහිතුඩ
නුඹ කියනු ඇත සැකක් නැත මට...
නියගලා වල විසට සමවුන
අකුරු අද මා අතින් පබැදෙන
පෙර නුඹට පෙම් කවිත් ලියුන
තෙත් කරයි ඔය ඇසුත් දැඩිලෙස...
සිතන්නට ඇත නුඹ නිමායයි හැම
එකෙකු අතහැර අන්මගක ගියදින
උඹට අමතක ලොකුම දෙයනම්
පෙම් කලේ නුඹ කවියෙකුට බව...
එකතු කල මේ වදන් දුටුවිට
කිඳා බස්සනු සැපකි පිහිතුඩ
නුඹ කියනු ඇත සැකක් නැත මට...
නියගලා වල විසට සමවුන
අකුරු අද මා අතින් පබැදෙන
පෙර නුඹට පෙම් කවිත් ලියුන
තෙත් කරයි ඔය ඇසුත් දැඩිලෙස...
සිතන්නට ඇත නුඹ නිමායයි හැම
එකෙකු අතහැර අන්මගක ගියදින
උඹට අමතක ලොකුම දෙයනම්
පෙම් කලේ නුඹ කවියෙකුට බව...
Monday, March 18, 2013
හිරුට හිමි ලොව තුල... නුඹ,මම..
පොලව සඳු නුඹට මට සමකල
නුඹ සඳද මා පොලව විය
බිඳිනු බැරි යදමින් බැඳුන
නමුදු කෙදිනකද එක් නොවන...
ජීවිතය නම් සයුරු රල මත
වරෙක වඩදිය වරෙක බාදිය
මවනු හැකිවූවද නුඹ හට
දහස් ගව් දුරින් හිඳ මට...
පහන් කලද නුඹ එලිය මා රැය
නුඹට අවැසිම එලිය දෙන්නට
නොහැක මට අඳුරු මැකුමට...
නුඹට සෙවනැල්ල හිරුවිය
ලංවන්න නුඹ බියෙන් ලතවෙන
නුඹද? මාද? අසරණ මෙදින...
Subscribe to:
Posts (Atom)

.jpg)