පලිගන්න මේ කඳුළු වැල් වල
එකතු කල මේ වදන් දුටුවිට
කිඳා බස්සනු සැපකි පිහිතුඩ
නුඹ කියනු ඇත සැකක් නැත මට...
නියගලා වල විසට සමවුන
අකුරු අද මා අතින් පබැදෙන
පෙර නුඹට පෙම් කවිත් ලියුන
තෙත් කරයි ඔය ඇසුත් දැඩිලෙස...
සිතන්නට ඇත නුඹ නිමායයි හැම
එකෙකු අතහැර අන්මගක ගියදින
උඹට අමතක ලොකුම දෙයනම්
පෙම් කලේ නුඹ කවියෙකුට බව...
"උඹට අමතක ලොකුම දෙය නම්
ReplyDeleteපෙම් කළේ නුඹ කවියෙකුට බව...." අපූරුයි...
ස්තුත්යි..
Deleteපෙම් කළේ ඈ කවියෙකුට බව
ReplyDeleteපසක් වූ දා අහම්බෙන් වුව
යළිත් එනු ඇත පියාඹා ගෙන
නිදහසේ සිතිවිලි විදාගෙන..
මන්ද නොකියමි නොදෙමි විවරණ
ප්‍රේමයට කුමකටද විවරණ?
කවියෙකුට පෙම් කෙරූ හිතකට
විරහවට වැඩි යමකි ඉතිරිය..
ෆැන්ටසියක්මවූ ඇගේ ලෝකය
ReplyDeleteකවියකුගේ පෙම කිම දනීවිද
තරුඑලිය වෙත ඇදීගිය සිත
හිරුද ඒ හා සමයැයි සිතන..
ස්තුත්යි මිතුරිය!!