පොලව සඳු නුඹට මට සමකල
නුඹ සඳද මා පොලව විය
බිඳිනු බැරි යදමින් බැඳුන
නමුදු කෙදිනකද එක් නොවන...
ජීවිතය නම් සයුරු රල මත
වරෙක වඩදිය වරෙක බාදිය
මවනු හැකිවූවද නුඹ හට
දහස් ගව් දුරින් හිඳ මට...
පහන් කලද නුඹ එලිය මා රැය
නුඹට අවැසිම එලිය දෙන්නට
නොහැක මට අඳුරු මැකුමට...
නුඹට සෙවනැල්ල හිරුවිය
ලංවන්න නුඹ බියෙන් ලතවෙන
නුඹද? මාද? අසරණ මෙදින...
මමනං කොහොමත් අසරණයි :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!