නුඹ ප්‍රේමයට අරුත් සෙව් දින
දුර ඈත පියාඹා යා හැකි කල
ඔහු නුඹට කිව්වේ වෙද,
ප්‍රේමයනම්...අඳුරු කුටියක
ජීවිතය දවා හැරුම බව...
නිමේෂයක සැනසුමට
ආත්මය ගිනිලෑම බව...
තටු සිඳුණු කිරිල්ලිය!
දැන් හඬා පල නැතිය...
නැගිටින්න දෙපයින්,
මගහැරුණ දුර යන්න...
පෙර ලෙසම බැරි වුනද,
නිල් අහස සිපගන්න...
මහපොලවවත් ඇතිය,
නුඹට යලි ඇවිදින්න...
නමුදු නුඹ සිත් තබාගනු අද!
ගින්දරට පිලිස්සුන නුඹ හට..
කණමැදිරි එලි වුවද සැර බවට...
මහපොළව මත ඉන්න
ReplyDeleteබැහැ කියා හිතු දිනක
ඕනැ නම් ඉගිලෙන්න
පුළුවන්ය විහගුන්ට
ඒත් සීමා තියේ
සුළං නෙකපොලු තියේ
වලාකුළු අකුණු කොටනා හඩත් නිති ඇසේ..
ඉතින් ඒ කිරිල්ලිය..
සිහියෙ නොනගනු කෙලෙස?
අහස මත පොළවටත් වඩා
සීමා තියේ..))))
පියාපත් නැති කලෙක..
Deleteහැකිද දුර ඉගිලෙන්??
බහ නොවේද යලියන්න..
කෙසේ කිව්වත් හිත..
ඉඳින් නුඹ නුඹවන්න
පිපෙන තුරු හිරු අසල..
This comment has been removed by the author.
ReplyDeleteසන්වෙදි කවි පෙලක් මල්ලි
ReplyDeleteහරිම ලස්සනයි
ස්තුත්යි අක්කේ!! මේකට අදහස ගත්තේ ඔයාගේ කෙටි කතාවෙන!!
Delete