ආශා කලෙමි ඇවිදයන්න නුඹ සමග
අනන්තය තෙක් විසිරි වැලිමත,
සිත්ජයේ සිට ඇදෙන සුළන් රැලි
මවන ගී පද තාල අසාගෙන....
සිහින මැව්වෙමි තනිවන්න නුඹ සමග
ලෝකයෙන් මීදී වැටකෙයි පඳුරු තුල,
රාගයෙන් වල් වැදෙන්නට නොව
ආදරයෙ අග මුල් සොයන්නට....
ඒ අතීතය දුහුල්පටයක්ම වුනු අද
මුළු ලෝකයම නීරසව ගිය සෙය,
කියා දුන්නා අගුල් හැර සිත
ආදරයත් සයුරු රල සම බව....
ප්‍රේමයේ ඇරඹුමත් නැගෙන රල සම
සුන්දරය...නොයෙක් හැඩ ගෙන,
එහිම අවසන නුඹද මමද නොදකින
වෙරල අත හැර මුහුද වෙත යන....
No comments:
Post a Comment