චපලයැයි කීවත් කවුරුන් කාට...
කෲරයැයි කීවත් කවුරුන් කාට...
ආදරය නුඹ තරම් චපල,
ආදරය නුඹ තරම් කෲර,
වචනයක් තුන් ලොවම නැත...
නුඹ සනසවයි නුඹව නොපතන උන්ව
රිදවමින් නුඹව අයදින සැවොම...
දැවෙන සිතකට ගිනිම පිඹිමින්ම
සුදනෙක් ලෙසින් සිනාසෙන අරුම...
සැඩ රලත් නුඹ තරම් රුදු නැත...
අනෝරා වැහිත් සැපයි නුඹ ළඟ...
අර බලන් නුඹ රැසින් අළු උන,
සමනලියක් අද විඳින දුක් කඳ...
බලන් එලියට රැගෙන හදවත
සැනසීමෙන් බිඳක්වත් එහි වෙද?
හිරු රැසින් උණුව වැගිරෙන
ReplyDeleteහිත්වලට වැසි ම ඉසිමින
සෙනේ ගඟ ගලා යයි සසරම
එයයි මේ ලෝකයේ අරුමය?
වේදනා ඉවුරු බැමි බදමින
ආදරේ ගලා යයි සිත්වල
කමටහන ලෙසින් ගෙන සෙනෙහස
සසර යළි යළිත් විමසනයුර..