අනාරාධිත කිරිල්ලියක විත්
හදේ කොනකින් ලැගුම්ලන්,
හිස්ව අතහැර දමා තිබු සිත
නැවුම් හැඟුමින් පුරවමින්....
නුඹට පෙර මෙහි ඉන්න ආ අය
කරත් ඔය ටික ඔය ලෙසින්,
යන්න ගියේ උන් අතර මගකදී
යනබවත් නොකියා හොරෙන්...
නුඹත් කවදාම හරි යන්න යාවි
ඉගිලෙන්න හැකි උන සැනෙන්,
කූඩු නොකරමි යදම් ලා මම
ආදරේ වූවත් සිතින්....
ඉගිල ආවේ නුඹයි, කූඩු හැදුවේ නුඹයි
මන් ලැගුම් දුන්නා විතරමයි,
වචන නොකෙරුවත් සිතුවිලි
නුඹට මන් හරි ආදරෙයි...
ලස්සණ අරුතක් තියෙන කවියක් :) කොච්චර ආදරේ කරත් ඒ අය ව හැමදාම ළඟ තියා ගන්න බැහැනේ.
ReplyDeleteඒකනම් ඇත්ත ධාරා!! අපි එක තේරුම් අරන් ආදරේ කරද්දී අපිට ඇතිවෙන ප්‍රශ්න අඩුයි!! :)
Deleteඉගිල ආවේ නුඹයි, කූඩු හැදුවේ නුඹයි
ReplyDeleteමන් ලැගුම් දුන්නා විතරමයි,
වචන නොකෙරුවත් සිතුවිලි
නුඹට මන් හරි ආදරෙයි...
....මේ වචන ටික උපරිමයී!!!
ස්තුත්යි වර්ෂා නංගි!!
DeleteThis comment has been removed by the author.
Delete