ද්වේශ පාලන කර ගනු නොහී
දේශ පාලන කරනු නොහැකී
නොදැන යදම් මුගුරු දරන්නනි
හිරු අවර යන දවස වැඩි ඈතක නැති
කාකි සිංහ සම් වලින් සැඟවී
සගවන්න යන්ත දැරුවත් හිවල් ගති
දනිව් මහ රෑට හඳ පායා ඇති
වලකන්න බැරි වේවි උපන් ගති
රුපියල් සත මිසක් සැනසීමක් නැති
තරු මිසක් ගෞරවයක් නොලද මිනිසුනි
ගෙවන්නට වේවි උඹලගේ කරුමය
උඹේ දරුවන්ටම මහා මෙර මෙන් රැකි
කැමති නම් සැඩ පහර හා ඇදියන්
නැතිනම් උඩු ගං බලා වරෙන් අපි යං
තරු පාගා ගෞරවය හොයපන්
ආත්මය නොවිකුණා මැරියන්..
Photo - Sanka Vidanagama
චාමර .........................
ReplyDeleteමේ කවි ලියන්නට වචන කොහෙන් ඒනවාද චාමර..... අගේ අැති කවිටික... කවීත්වයට ගැන කෙසේ වෙතත් අපි කතා කළ යුතුම මාතෘකාවක්...... කියන්න ඔ්න හැමදෙයක් ම ඒක අැතුලේ තියෙනවා.............. නියමයි චාමර
වල්ලා පට්ට.. පොලිසිය නෙමෙයි.. කයි පද ටික....
ReplyDeleteLassana adahas. Digatama Kavi liyanna suba pethum
ReplyDeleteස්තුතියි කුරුටු,මාතලන්,ඇනෝ..
ReplyDelete