"කැරෝකේ" සමනළිය....
සියුමැලි ගත දිගේ දෙවිමන් සොයන
රැලි ගැවසී වයෝවෘර්ධ ස්පර්ශයට
නොලදමුත් සැනසුමක් ලේ පාට කාසි මිස
නිසසලය ඇ සිත සසල සලෙලුන් අතර....
පස් ඉඳුරන්ම හිරිවැටීගිය නිමේෂෙක
කට කොනින් නැගෙන මදහසක හැඩ,
කියයි මින් එහා ඇති ඇගේ ලොව
රතු ගඩොල් මතින් නැගෙන බව....
බඩගිනිකාර පොඩිවුන් එහි වෙසන
කඳුළු පිස හිනැහෙන්න දරන වෙර....
තටු නැතත් එදා මෙන් දුර ඉගිලෙන්න
මල් නැතත් නුඹ යනෙන මග සරසන්න
ඒතරම් අඳුරු නෑ රැය යලි එන්න
අතරමං වූ "කැරෝකේ" සමනළිය....
Superb
ReplyDeletethnx!!
Deleteමුලු කවියේම බර දරා සිටින අන්තිම පද හතර මසුරන්!!
ReplyDeleteස්තුත්යි!!
ReplyDelete