දුරක ගිය අතීතය!!!
ළඟක සිටියානම් නුඹ - කියනු ඇත ලොවටම
නුඹට මා බැඳී පෙම - අදින් දස වසක සිට
නිසැක නුඹ විඳින බව - මා ද විඳවන දුක
බිඳක්වත් අඩු නැතිව - උවද ඔහු නුඹ ළඟ...
පුදුම නැත මට තව
ප්‍රේමයක් නොලැබුන එක,
විසල්ය ඒ තරමට
නුඹෙන් හිස්වූ හිත
වසනු බැරි තරමට
කාගෙවත් පෙමකට...
අඩු වුනත් විරහව - කාලයේ පහස යට
පාරන්න තව වරක් සිත - තත් දරයි ලෝකය
උන් ලියති විවරණ - මගේ වර්තමානය ගැන
අමතක ලෙසින් අතීතය - ආදරය මා වෙත වුන...
No comments:
Post a Comment