Wednesday, September 25, 2013

වියපත් ප්‍රාර්ථනාව...










උදා වේ නම් හිමිදිරිය යලි
සිසිලසත් ගෙන පෙරලෙසම, 
දහවලේ හිරු රැසින් කරවුන 
ආත්මයම සනසා පිනි බිඳින් 
ඉඩෝරය නිමා කරනට... 

හැකිනම් අඳුරු රැය වෙනුවට 
මිහිරි හිමිදිරිය ගන්නට, 
දුකක් නැත සින්න වූවද 
හති දමන ආත්මය... 
දුකක් නැත අහිමි වූවද 
තනාගත් ලෝකය... 
යන්න හැකිනම් බාලවිය වෙත 
අත් හරිමි ලෝකයම මම... 

4 comments:

  1. //යන්න හැකිනම් බාලවිය වෙත
    අත් හරිමි ලෝකයම මම... //

    මටත් ආස යි! ඒ කාලේ කොච්චර නං ලස්සණ ද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලස්සන අපිට දැනෙන්නේ ඒ කාලේ පහු උනාම..ඒකයි දුක!!!

      Delete
  2. හ්මි හැමෝටම මෙහෙම හිතෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. නොහිතෙනවානම් තමයි පුදුම වර්ෂා නංගි!!

      Delete