Thursday, April 30, 2015

මැයි පලවෙනිදා..


හෙට උඹලගේ දවසලු
දවස් 364ක්ම කඹුරලා
උඹල රජ වෙන
එකම දවස ඒකලු

ඉතින් පාන්දරම ඇහැරිලා
තහඩු බස් එකේ පොරකකා
වරෙවු කොළඹ නගරෙට
ඉඳියි සුදට පේවිලා
උඹලගේ මහ එකා

කට ලුණු රසට කෑගසා
සුදට හැඳි උන් එක්කලා
හිස් අහසටම ගතු කියා
වරෙව් ගම මත් වෙලා

එක පැයක් නිදියලා
පටන් ගන් ආයෙත්ම
දවස් 364න් පලවෙනි දවස
දෙවියන්ට පේ වෙලා

අයිතිය උඹෙන් උදුරලා
ගත්ත උන් එක්කලා
සරා කොළඹ වීදී පුරා
අයිතීන් ඉල්ලලා
බැනපං අහිංසක දෙවියන්ට
නුඹල ගැන බැලුවේ නෑ කියා

නැගිටින්න අලු ගසා
හෙට ඉරක් පායයි කියා
වරෙන් ලබන මැයි දිනට
හැම පාට කොඩි එක්කලා
ගාලු මුවදොරට නොව
මහ උන්ගෙ මන්දිර කරා..

Monday, April 20, 2015

බිඳෙන සිත

සුළගිල්ලෙන් වුව 
කඩා බිඳ දැමිය හැකි  
වීදුරුවක්, 
දෑතම වෙහෙස කෙරුවත් 
කල්පයකින්වත් 
එකතුකළ නොහැකි බැව් 
පෙර තිබූ අයුරින්, 
තේරුම් නොගනී නුඹ 
වරක් නොව සියවරක් කීවත්..

හිතත් ඒ වීදුරුව තරමටම 
සංවේදී බැව් 
දැනුම් තේරුම් නැති නුඹ 
එය බිඳ දමන තරමට 
කාලය උනත් හති වැටිලා ඇති 
හදා බිඳුන හිත මෙතරම්..
ඔහේ තිබුනදෙන් 
මේ බිඳුණු අසම්පූර්ණ හිත 
නුඹ ඈතින්ම ඉඳපන්..

Saturday, April 11, 2015

ගුරු - සිසු..

ගුරු මුෂ්ටි නොතියාම 
කියාදෙද්දී මං 
කුලුඳුලේ ආදරය 
හිතුවේම නෑ මං 
වේගවත් බව නුඹ 
මේ තරමටම 

සත්තයි උඹේ වේගය ගැන 
යන්තමින් වත් දැනුන නම් මට 
හෙමිහිට කියාදෙන්න තිබුණා
හුගක් බොළඳ, ටිකක් පරිනත  
මගේ ආදර පාඩම 

එදා කෝඩුකාර වූ උඹ 
අද මටත් ආදරේ උගන්න හැඩ 
ගුරුවරුන් නම් 
ඇතිලු උඹට වෙන 
දන්නවානම් හොයා එවපන් 
උගන්වන්නට සිසුවියක් මට 

Wednesday, March 4, 2015

කාලයයි දැන් යන්න..

අහසකට හැකි වුනද 
තරුවකට ඉඩ දෙන්න 
අහසෙ ඉඩ අහුරන්න 
පුලුවනිද තරුවකට?

මහ ඉඩක් හිමි අහස
තනිවෙන්න ඉඩ දෙයිද 
එකම එක තරුවකට 
තරු පෙරුම් පිරුවාට 

ජීවිතය නුඹට.. මට..
ලංවෙන්න දුන්නාට 
නුඹේ ලොවෙ රජ වෙන්න 
ඉඩ දෙයිද ලේසියට?

ආදරයට විතරක්ම 
පුලුවන්ද නුඹේ ලොව
මගෙන් පුරවාලන්න 
නොදැනෙන්න හිස්බවක් කෙලෙස 

මිරිගුවක් බව දැනම 
නුඹ හඹා පල කිමද 
කාලයයි දැන් යන්න 
යලි එන්න නොහිතාම..

Wednesday, February 25, 2015

ආදරයට පසු?

හීනවල පාට පාට
හැංගෙන්න තනිවෙන්න 
හීන මවපු උඹ මම 
හිරවෙලා ඒ හීන තුලම 

අද අපේ වහලක් යට දකින 
ඒ හීන සොඳුරු නැත 
එදා නිල් අහස යට 
අපි දැකපු තරමටම 

සරළ පවුලක් වීම 
මේ තරම් බරයි දැනුනනම් අපට 
ඉන්න තිබුනා තව ටිකක් කල් 
නිල් අහස යටම 

හොඳයි අපි නොපැතු එක 
දුර අහස අල්ලන්න 
නැතිනම් මේ වෙද්දී
හති වැටිලා අපි හොදට 

"ජීවිතෙත් ආදරේ තරම්ම 
සැහැල්ලුවට තිබුනනම්" නේද?