සුළගිල්ලෙන් වුව
කඩා බිඳ දැමිය හැකි
වීදුරුවක්,
දෑතම වෙහෙස කෙරුවත්
කල්පයකින්වත්
එකතුකළ නොහැකි බැව්
පෙර තිබූ අයුරින්,
තේරුම් නොගනී නුඹ
වරක් නොව සියවරක් කීවත්..
හිතත් ඒ වීදුරුව තරමටම
සංවේදී බැව්
දැනුම් තේරුම් නැති නුඹ
එය බිඳ දමන තරමට
කාලය උනත් හති වැටිලා ඇති
හදා බිඳුන හිත මෙතරම්..
ඔහේ තිබුනදෙන්
මේ බිඳුණු අසම්පූර්ණ හිත
නුඹ ඈතින්ම ඉඳපන්..
සිතක් බිදුනු පසු
ReplyDeleteකොතෙක් කලත් ඔසු
පලක් නොවේ ලදුනේ...