Tuesday, July 2, 2013

පතිවත සොයති පතිනිය...












අඩක් හැරී පෑල දොරෙන්
පලා ගොස් පතිනිය
සොයාගෙන පතිවත...

සේවුවද දස අත
නොදැක ඒ පතිවත 
හඬති පතිනිය 
කුමක් වූවේ වෙද
ඈ රැකු පතිවත...

ඈ නොදන්නීමය
විවුර්ත වූ ලොව
බැඳීම් ද"Open" බව... 

Wednesday, June 26, 2013

යකෝ THIS IS MY WIFE!

අද 138 බස් එකේදී වුනු රසබර සිදුවීමක්!!

කිරුලපන රෝයල් ඉන්ස්ටිටියුට් එක ළඟ හෝල්ට් එකේ බස් එක නවත්තන් හිටපුවෙලේ බස් එකට නැගපු හැඩිදැඩි තරුණයෙක් බස් එකේ ඉස්සරහ හිටපු තරුණ ජෝඩුවක පිරිමි ළමයට ගහන්න ගත්තේ "යකෝ THIS IS MY WIFE!" කියමින්.ගෑනු ළමය "අයියේ ගහන්න එපා" යැයි කෑගැහුවත් හැඩිදැඩි තරුණයා අනික් තරුණයාවත් ඇදගෙන බසයෙන් බැස්සේ "කෝල් කරපන් පොලිසියට" අවට සිටි උන්ට කෑගහමින්..ඒ වෙද්දී තරුණයගේ කටින් සෑහෙන්න ලේ ගලනවා..මේ මොහොතේ බස් එක එතනින් පිටත්වූ නිසා මෙයින් පසු සිදුවීම මා නොදැක්කත් මේ සිදුවීම මිනිත්තු 2ක කාලය තුල මාව ලොකු කමපනයකට ලක් කළා...

මට මතක් උනේ මීට ටික කාලෙකට කලින් මම ලියපු කවියක්,ඒ කවිය ලියවුන හේතුව වෙන එකක් උනත් එහි අර්ථය ගොඩක් මේ සිද්දියට ගැලපෙනවා කියලයි මට දැනෙන්නේ...මේ ගැහැණු ළමයා පෙනුමෙන් ඉතාමත් වැදගත්, සුන්දර ඒ වගේම ඔසරියක් ඇඳන් උන් එකියක්.අඳින ඇඳුමෙන් හැදියාව මනින මීහරකුන්ට මේක හොඳ පාඩමක්...

මෙහි සැමියා හෙවත් හැඩිදැඩි තරුණයාගේ ක්‍රියාව ගැන කිවයුතුව ඇත්තේ, WIFE යනු තමන්ගේ සින්නක්කර දේපලක් නොව පරාන බුක්තියට තමන්ගේ උන එහෙත් CGR එකට අයිති ඉඩමක් වැනි දෙයක් බවයි...උඹ කන්න දුන්නට,උඹෙන් යපුනට අයිතිය වෙන එකෙකුගේය...CGR එක රේල් පාර ලොකු කරනවිට අපි ඉඩම් හැරයා යුතුය..විවාහය යනු ගැහැණිය හෝ පිරිමියා වැරදි කාම සේවනයට යාම වලකන බැම්මක්ද නොවෙයි...එය එසේනම් විවාහක අය තුන්වෙනි සිල් පදය පන්සිල් වලට කිව යුතු නැත...

ගෑනුන් සුළඟ වැනිය...එහි පහස විඳිත හැකිමුත් රඳවා තබා ගනු නොහැක....

(මේ සිද්දිය උනු ගමන්ම මන් කලේ මට එහාපැත්තෙ ඉඳපු නංගි අන්මැරිඩ් බව කන්ෆර්ම් කරගැනීමයි ^_^  )




Tuesday, June 18, 2013

මුලාව...


තැවරුවත් නෙක වර්ණ
සුවඳ පිරි පුයර
වෙනස් කම කිම
නිරුවත් දෑසට පෙනෙන?

විලවුන් සුවඳින් සගවනු නොහැක
පරාජිත බැලුම් නුඹ හෙලන
වැසුණු ඇසිපිය කියන
අහිමිවීමේ දුක...

හැඟුම් සඟවනු නොහැක
විල්ලුද රෙදි කඩින් පිස
නුඹ! පිටස්තරයෙක්මැයි
තබනු තුරු පය
ෆැන්ටසියෙන් ඔබ්බට...

Monday, June 10, 2013

නික්මගිය නුඹ...


නුඹ...
වෙනස් වෙන ලෝකයේ
වෙනස්කම් පිරි මිනිසුන් අතර 
තවත් එක ගැහැනියක්ම පමණකි 

නමුත්...
මා පුදුම කල කරුණනම්
බැඳීම් ස්ථීරයි කියූ නුඹ 
නොහදුනන සේ ඉවත යාම 

ඒත්...
එහි පාඩුවක්ද නැත 
නුඹ ගියපු තැන සිටම 
අඳුර මට තනි රකින...


Friday, June 7, 2013

අසම්මත..ප්‍රේමය...













උණුසුම්ය...රාත්‍රිය...
ගිනියම්ය...ප්‍රේමය...
නිවාලන්න සිනිදු තටු වලින්
අන්ගනාවී යලි එන්න...

අතරමන් කල පෙර දිනක
නුඹ පහස රැඳී අතීතය...
අලුගසා දා අවදිකළ මැන
වල් වැදුන ජීවිතය...

ගිනි වැකුන ලොවෙන් දුර
ඈතකට ඉගිලෙන්න
දෑගිලි බැඳී බැඳුම් බිඳ
ඔබ එන්න....
 අසම්මත ප්‍රේමය වෙත...

Monday, May 27, 2013

අහෝ!! ලක්දිව..



උඹ මොකද ලතවෙන්නෙ
දුවපන් හයි අරන්
හදවතේ හිල උනත් 
ඔරොත්තු දෙයි මේ ටිකට...

යකෝ අර කාසි අහුරු 
උඹ මලත් අපිට හරි 
ඇරත් මේ අපිම නොව 
ලෙඩ උඹට දිරිදෙන්නේ 
ඉතින් දුවපන් අපායටම...

උඹ මලත් අපි නොවෙයි 
මේ ගමන නවතින්නේ
අපිත් උඹ මගම 
කාසි ටික ලත්විගස..

උඹේ මරණය උඹට නොව රටට 
රට කියන්නේ අපිම නොවැ 

කැමරා ලෑස්ති 
වතුර ලැස්ති 
ඇයි හෙලිකොප්ටර්...

අහෝ මව්බිම නමට 
දිවි පුදපු ඒ පුතුය 
හදවතේ හිලක් සහිතව...
මේ කිඹුල් කඳුළු නුඹටමය...

Wednesday, May 15, 2013

හිමිකමක් නැති පණුකම....

ජීවිතයේදී අපට හමුවනසෑම ඇපල් ගෙඩියක්ම පෙර පනුවෙකු විසින් කාදමනු ලැබුවාවූ හෝ කමින් පවතින ඒවා වන අතර අපද පනුවන් වන මුත් දෛවය නමැති බලය අප හා සමජාතී වීම හේතුවෙන් අප ඇපල් හා ලං වූ කල්හි විකර්ෂණය වීමක් දක්නට ලැබේ...දෛවය හා විෂමජාති වූ පනුවන් එකී ඇපල් රස විඳිද්දී අප එම ඇපල් දුරින් සිට සිතින් රසවිඳීම මිස ඇපල් කෑම ගැන නොසිතිය යුතු වන්නේ එහෙයිනි...
@ ඔලුවට වැටුණු පනුවන් කෑ ඇපල් ගෙඩියක් දැක...