වෙනස් වෙන ලෝකයේ
වෙනස්කම් පිරි මිනිසුන් අතර
තවත් එක ගැහැනියක්ම පමණකි
නමුත්...
මා පුදුම කල කරුණනම්
බැඳීම් ස්ථීරයි කියූ නුඹ
බැඳීම් ස්ථීරයි කියූ නුඹ
නොහදුනන සේ ඉවත යාම
ඒත්...
එහි පාඩුවක්ද නැත
එහි පාඩුවක්ද නැත
නුඹ ගියපු තැන සිටම
අඳුර මට තනි රකින...
මේ ලෝකයේ සෑම දෙයක් ම
ReplyDeleteවෙනස් වන බව හඳුනා ගත් නුඹට
අඳුර තවමත් තනි රකින්නේ කිම ද?
අඳුර අන් සැවොම මෙන්
ReplyDeleteමවෙතින් ඈතට යන කල
නෙත් යොමා බලන් ඉමි
මන්ද,
අඳුර හැර ගිය තැන
එලිය පැමිණෙනු නිසැක
ගණ අදුර පැමිණෙන විට
ReplyDeleteඉතා ඉක්මන්ය
ආලෝකයේ දැහැන් හෝරාව!