සිය දහස් දැවෙන සිත් නිවාහල
දහසක් නෙතඟ කඳුළු පිසළුව
නැතත් පන ඇතැයි හැඟුනු නුඹ
මැකී යන - මුව දොර
හෙට නව ලොවක් ගැන අපි මැවූ හීනෙක
මරණයම විය නුඹේ ඉරණම
හැදේවී හෙට අලුත් නැවතුමක් නුඹේ ගත මත
සත්තයි නොදැනේවී කිසිවිට
මෙතරම් ලෙන්ගතුකමක්
මෙතරම්ම හුරු පුරුදුකමක්
හිත හඬන හෙට දවසක
තුරුළු වන්නට ඇවිත් හෙමිහිට
නොහිඳීවී නුඹ මෙතැන මේ ලෙස
ගොඩනැගෙන මන්දිර නුඹේ ඉඩ තුල
නොගෙනේවි නුඹ ගෙනා සිසිලස
හරවන්න බැරිකමට නුඹේ ඉරණම
අකුරු කරනෙමි නුඹේ මතකය
අවසරයි ඉතිං වෙන්වෙන්න
සැමදාම මෙමට තනි රැකි
ගාලු මුවදොර වෙරළ....
නියමයි :)
ReplyDeleteපට්ට...
ReplyDeleteචින්තනේ සන්වර්ධනය බන්,හිත හදා ගනින්
ReplyDelete