ආරම්භයක් ගැන හිතන්නත් බැරි
පාලු අඳුරු මගක අතරමං වූ කල
ගරා වැටි බිත්තියක් ලඟට වී
වෙර දැරීමි සිහි කරන්නට
යන්තම් මතකයි නුඹ සිටිය ළඟ
මේ පාලු මග යන්න සිතු දින
අත් අල්ලන් ඇවිද නාවත්
මේ මග යන්නැයි කීවේ නුඹ වග
කුමට දෙවරක් සිතම්ද?
අපායක් හමුවුවත් අවසන
විඳින්නට වෙන දුක, නුඹ නිසා විට
ගමන් ඇරඹුවෙමි පාලු මග දිග
ආවත් ගව් සියක් දුර මම
නොදිටුවෙමි අවසනක්නම් තව
කොඳුරනු ඇසෙයි සිහිනයෙන් මෙන් නුඹ
"කව්ද ඔය මග යන්න කීවේ නුඹට?"
මෝඩයිද නුඹ ඔය තරමටම
මෝඩයිද නුඹ ඔය තරමටම
වංකගිරියකට පය තියන්නට...
එහෙම තමයි චාමර...
ReplyDeleteජීවිතේ අරමුණක් වෙනුවෙන් අපි ඕනෙම දෙයක් කැප කරන්න සූදානම්.. ගොඩක් විට ප්‍රේමයේ දී ඒක එහෙමම තමයි...
අඩවිය අගෙයි. කවි නම් නියමයි... දිගට ම එන්නම්කෝ...........
ස්තුත්යි බොහොමත්ම... ඒ වගේම සාදරෙන් පිලිගන්නවා...
Deleteදැන් ඉතින් කවුරු මොන කිවුවත් පය තියලා ඉවරයිනේ.. ඒ තීරණ වෙනස් කරන්න බැහැ..
ReplyDeleteEka aththa dinesh!
Deleteපදවැල් ටික නං අපූරුයි..
ReplyDeleteමේ පැත්තට අද තමා ගොඩ වුණේ..