ඇයි මේ තරම් සබකෝලකම්?
විකසිත වෙන්න නිමේෂයයි තව
මල් කැකුල, අහසක ඉඩ අරන්...
හැරෙනු බැහැ දැන් ආයේ යන්නට
ඇවිත් අපි දුර ඒ තරම්
ඈතකින් හිඳ සිනාසෙනු කීම
බැඳුනු අප අද රන් හුයෙන්...
සිව්වසක පෙම මල් දරන දින
නුඹ මගේ ළඟ කුලුඳුලෙන්
මේ මගුල් රැය අඳුරු නෑ තව
විදා හැර පෙති හිනැහියන්...