අහසකට හැකි වුනද
තරුවකට ඉඩ දෙන්න
අහසෙ ඉඩ අහුරන්න
පුලුවනිද තරුවකට?
මහ ඉඩක් හිමි අහස
තනිවෙන්න ඉඩ දෙයිද
එකම එක තරුවකට
තරු පෙරුම් පිරුවාට
ජීවිතය නුඹට.. මට..
ලංවෙන්න දුන්නාට
නුඹේ ලොවෙ රජ වෙන්න
ඉඩ දෙයිද ලේසියට?
ආදරයට විතරක්ම
පුලුවන්ද නුඹේ ලොව
මගෙන් පුරවාලන්න
නොදැනෙන්න හිස්බවක් කෙලෙස
මිරිගුවක් බව දැනම
නුඹ හඹා පල කිමද
කාලයයි දැන් යන්න
යලි එන්න නොහිතාම..
Wednesday, March 4, 2015
Wednesday, February 25, 2015
ආදරයට පසු?
හීනවල පාට පාට
හැංගෙන්න තනිවෙන්න
හීන මවපු උඹ මම
හිරවෙලා ඒ හීන තුලම
අද අපේ වහලක් යට දකින
ඒ හීන සොඳුරු නැත
එදා නිල් අහස යට
අපි දැකපු තරමටම
සරළ පවුලක් වීම
මේ තරම් බරයි දැනුනනම් අපට
ඉන්න තිබුනා තව ටිකක් කල්
නිල් අහස යටම
හොඳයි අපි නොපැතු එක
දුර අහස අල්ලන්න
නැතිනම් මේ වෙද්දී
හති වැටිලා අපි හොදට
"ජීවිතෙත් ආදරේ තරම්ම
සැහැල්ලුවට තිබුනනම්" නේද?
හැංගෙන්න තනිවෙන්න
හීන මවපු උඹ මම
හිරවෙලා ඒ හීන තුලම
අද අපේ වහලක් යට දකින
ඒ හීන සොඳුරු නැත
එදා නිල් අහස යට
අපි දැකපු තරමටම
සරළ පවුලක් වීම
මේ තරම් බරයි දැනුනනම් අපට
ඉන්න තිබුනා තව ටිකක් කල්
නිල් අහස යටම
හොඳයි අපි නොපැතු එක
දුර අහස අල්ලන්න
නැතිනම් මේ වෙද්දී
හති වැටිලා අපි හොදට
"ජීවිතෙත් ආදරේ තරම්ම
සැහැල්ලුවට තිබුනනම්" නේද?
Tuesday, February 17, 2015
දෙවෙනි ආදරය..
මතකද එදා දවස?
උඹ මගෙන් ඉල්ලුවා
"ආදරේ කරන්න මටම විතරක්" කියලා
ඔය බෝල ඇස් වලට එබිල
බොහොම බැරෑරුම්ව මං කියද්දි
"බෑ..මං ජිවිතේ දෙන්නෙක්ට ආදරේ කරනවා" කියලා
උඹේ ඇස් තෙත් වෙච්චි වේගෙට
විහිලුව දුර ගියා වැඩි බව දැනගෙන
"මං ආදරේ කරන්නේ උඹටයි අපිට ඉපදෙන දුවටයි" කියද්දී
ලජ්ජාවෙන් බරකරන් මූනම
අමාරුවෙන් තද කරන් හිනහව
"ඔය වගේ නපුරු විහිලු එපා" කීවට
යන්නට ගියේ ටික කාලෙකින් ඈතට
එන්නට නොහිතා යලිත් කිසි ලෙස
තනියම අයිති කරගන්න වෙන්නැති මේ හිත
පුංචි ඉරිසියාකාරියේ කවදාවත් මම
ලැබුවේ නෑ ඒ දෙවෙනි ආදරය
හැමදාම උඹට විතරමයි මේ හිත
නැතත් උඹ ළඟ පාතක....
උඹ මගෙන් ඉල්ලුවා
"ආදරේ කරන්න මටම විතරක්" කියලා
ඔය බෝල ඇස් වලට එබිල
බොහොම බැරෑරුම්ව මං කියද්දි
"බෑ..මං ජිවිතේ දෙන්නෙක්ට ආදරේ කරනවා" කියලා
උඹේ ඇස් තෙත් වෙච්චි වේගෙට
විහිලුව දුර ගියා වැඩි බව දැනගෙන
"මං ආදරේ කරන්නේ උඹටයි අපිට ඉපදෙන දුවටයි" කියද්දී
ලජ්ජාවෙන් බරකරන් මූනම
අමාරුවෙන් තද කරන් හිනහව
"ඔය වගේ නපුරු විහිලු එපා" කීවට
යන්නට ගියේ ටික කාලෙකින් ඈතට
එන්නට නොහිතා යලිත් කිසි ලෙස
තනියම අයිති කරගන්න වෙන්නැති මේ හිත
පුංචි ඉරිසියාකාරියේ කවදාවත් මම
ලැබුවේ නෑ ඒ දෙවෙනි ආදරය
හැමදාම උඹට විතරමයි මේ හිත
නැතත් උඹ ළඟ පාතක....
Sunday, February 1, 2015
අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව අපේ හීන ඒහැටි...
අනන්තෙට ඇවිදින්න - හීන පුරවාපු අපි
දුර අහස අල්ලන්න - ප්‍රාර්ථනා කරපු අපි
හැතක්මක් දුර යද්දි - මෙහෙම හති වැටුන හැටි
බොළඳයිලු ඒ හීන - නුඹ ඉතීන් කියනා හැටි
කළු කුඩේ හෙවන යට - දැක්කේ මං විතරමද?
ඒ හීන මේ හැටි....
අත් එකට පැටලෙද්දී - අපේ හිත් වෙවුලපු හැටි
අමතකලු නුඹට දැන් - ඉතිං ඇයි මටම විතරක් මතක?
අතීතය මේ හැටි...
අලුත් කුඩයක හෙවන යට නුඹ - නැවුම් ආලය හොයනා හැටි
හොයා ගත්තම ලියා එවන්නම් - ආදරය හැමදාම එකලෙස
නැවුම්වට රකිනා හැටි...
මං නැතුව හරි අනන්තෙට නුඹ - යාවි දවසක දුර නැති
අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව
අපේ හීන ඒහැටි...
දුර අහස අල්ලන්න - ප්‍රාර්ථනා කරපු අපි
හැතක්මක් දුර යද්දි - මෙහෙම හති වැටුන හැටි
බොළඳයිලු ඒ හීන - නුඹ ඉතීන් කියනා හැටි
කළු කුඩේ හෙවන යට - දැක්කේ මං විතරමද?
ඒ හීන මේ හැටි....
අත් එකට පැටලෙද්දී - අපේ හිත් වෙවුලපු හැටි
අමතකලු නුඹට දැන් - ඉතිං ඇයි මටම විතරක් මතක?
අතීතය මේ හැටි...
අලුත් කුඩයක හෙවන යට නුඹ - නැවුම් ආලය හොයනා හැටි
හොයා ගත්තම ලියා එවන්නම් - ආදරය හැමදාම එකලෙස
නැවුම්වට රකිනා හැටි...
මං නැතුව හරි අනන්තෙට නුඹ - යාවි දවසක දුර නැති
අහස අල්ලපු දාට කියපන් - බොළඳ නැති බව
අපේ හීන ඒහැටි...
Sunday, January 25, 2015
හිස් අහස ඉඩ දෙන්න...
හිත නතර කරගන්න
අකීකරුකම් නොකර
ආදරය බොහො දුරයි
මග බලන නෙත් සනසන්න
නුඹ මට අහිමි පුරාවත
නුබ ගැබක් පුරාවට
හීනි තරු කැට වලින්
ලියා රැකගනු පිණිස
හිස් අහස ඉඩ දෙන්න
පෙම් පුරාවත පබදින්න...
අතීතය මගෙන් දුර
ඈතටම එළවන්න
සුන්දරම මතක ටික
විතරක්ම රැක ගන්න
හිස් අහස ඉඩ දෙන්න
තරු රටා වලින් පබදින්න
ඇගෙත්, මගෙත් පෙම් පුරාවත..
අකීකරුකම් නොකර
ආදරය බොහො දුරයි
මග බලන නෙත් සනසන්න
නුඹ මට අහිමි පුරාවත
නුබ ගැබක් පුරාවට
හීනි තරු කැට වලින්
ලියා රැකගනු පිණිස
හිස් අහස ඉඩ දෙන්න
පෙම් පුරාවත පබදින්න...
අතීතය මගෙන් දුර
ඈතටම එළවන්න
සුන්දරම මතක ටික
විතරක්ම රැක ගන්න
හිස් අහස ඉඩ දෙන්න
තරු රටා වලින් පබදින්න
ඇගෙත්, මගෙත් පෙම් පුරාවත..
Monday, January 12, 2015
ආදරණීය සහෘධයනි...
උපන් මව් බිමේ නමට
මවගෙන් බිව් කිරිවල ණයට
යුතුකම් ඉටු කරන්නත්
දොලපිදේනි ඉල්ලන
අමනුස්ස රෑනක් මැද,
තානාන්තර මිල මුදල් තබා
ගෞරවයවත් නොපතන
සැබෑ මිනිසුන් රෑන
රහමෙරද , කහවනුද
නැතත් උන් ළඟ
රත්වුන ලේ මිසක
මව් බිමේ දුක ළඟ,
පාද නමදින්න උන් වටපිටේ නැත
කටෝර සැලකිලි බැණුම්
උන්ට නුහුරුද නැත
නොලදත් ප්‍රශංසා ලෝකයෙන්
උන් හෙලූ ලේ ගැන
නොහැරී නොයා ආපසු
දිගටම සටන් කරයි උන්,
දත් නිසාවෙන්ම බරක් නොවෙන බව
වැලලුනදාක මේ මහපොළවට...
(ජවිපෙ සහෘධයන්ට සෙනෙහසින්)
මවගෙන් බිව් කිරිවල ණයට
යුතුකම් ඉටු කරන්නත්
දොලපිදේනි ඉල්ලන
අමනුස්ස රෑනක් මැද,
තානාන්තර මිල මුදල් තබා
ගෞරවයවත් නොපතන
සැබෑ මිනිසුන් රෑන
රහමෙරද , කහවනුද
නැතත් උන් ළඟ
රත්වුන ලේ මිසක
මව් බිමේ දුක ළඟ,
පාද නමදින්න උන් වටපිටේ නැත
කටෝර සැලකිලි බැණුම්
උන්ට නුහුරුද නැත
නොලදත් ප්‍රශංසා ලෝකයෙන්
උන් හෙලූ ලේ ගැන
නොහැරී නොයා ආපසු
දිගටම සටන් කරයි උන්,
දත් නිසාවෙන්ම බරක් නොවෙන බව
වැලලුනදාක මේ මහපොළවට...
(ජවිපෙ සහෘධයන්ට සෙනෙහසින්)
Thursday, January 1, 2015
RE: මුනුත් නළුවොද?
සලු ඛාන් ලා තරම් මස් පිම්බිලා නැති
බෙන්ස් ඩිෆෙන්ඩර් පරිවාර නැති
කෙසඟ සිරුරු හිමි අකීකරු කෙස් ඇති
මනුවර්ණ ලාත් නළුවොද?
අසති සම-හරක් මහ පොළව පාගා නැති
මිෂෙල් හර්ෆ්ට් ගේ අඩනිරුවත මතක ඇති
මනුවර්ණලාගේ රඟපෑම් මතක නැති
එහෙව් රටක අමන මිනිසුන් පිරි
රංගධරයන් වූයේ කරුමෙකටද අපි?
සිතුනොත් නුඹලාට කිසි වරදක් නැති
මේ අරුමැති ඩිස්නිලන්තයේ ඉපදුනු අපි
සත්‍යට වඩා ෆැන්ටසි ප්‍රිය කරන නිසා වෙන්නට ඇති
අමතක උඹල ඒ හිත්වලට මේ හැටි..
එහෙව් පරිකල්පන මැද "නැගී එන නළුවන්" වුනු හැටි
උන්ට නොවටිනවා උනත්, වටින උන් දහසක් ඇති
නොසැලී ඉදිරියටම පලයන්, මේ අහස නුඹලාට මදි....
බෙන්ස් ඩිෆෙන්ඩර් පරිවාර නැති
කෙසඟ සිරුරු හිමි අකීකරු කෙස් ඇති
මනුවර්ණ ලාත් නළුවොද?
අසති සම-හරක් මහ පොළව පාගා නැති
මිෂෙල් හර්ෆ්ට් ගේ අඩනිරුවත මතක ඇති
මනුවර්ණලාගේ රඟපෑම් මතක නැති
එහෙව් රටක අමන මිනිසුන් පිරි
රංගධරයන් වූයේ කරුමෙකටද අපි?
සිතුනොත් නුඹලාට කිසි වරදක් නැති
මේ අරුමැති ඩිස්නිලන්තයේ ඉපදුනු අපි
සත්‍යට වඩා ෆැන්ටසි ප්‍රිය කරන නිසා වෙන්නට ඇති
අමතක උඹල ඒ හිත්වලට මේ හැටි..
එහෙව් පරිකල්පන මැද "නැගී එන නළුවන්" වුනු හැටි
උන්ට නොවටිනවා උනත්, වටින උන් දහසක් ඇති
නොසැලී ඉදිරියටම පලයන්, මේ අහස නුඹලාට මදි....
Subscribe to:
Posts (Atom)

.jpg)