ආසාවටවත් කෝල් එකක් ආපු නැති මගේ ෆෝන් එකට දැන් නම් නිවනක් ඇත්තෙම ඇත්තෙම නෑ වගේ..ඇත්තටම මේ මාස දෙකට මගේ ජිවිතේ කොයිතරම් වෙනස් වෙලාද? ඉස්සර ෆෝන් එක රිංග් වෙන වාරයක් පාසා මන් ඒකට හිතින් බනිනවා..ඒත් දැන්,තප්පරයක් තප්පරයක් ගානේ ඇහැ යන්නේ ෆෝන් එක දිහාවටමයි..ආදරෙත් වෙලාවකට පුදුම දෙයක් කියල හිතෙනවා.නැවෙන්නෑ කියල පුරසාරම් දොඩපු මමමද මේ?
"සමී! 4.30 වෙද්දී ටවුන් හෝල් එකගාවට ආවම ඇති ළමයෝ..කලින් ඇවිත් රස්තියාදු වෙන්නෙපා..පරිස්සමින් ඩ්‍රයිව් කරන්න හොඳේ ? " හරි කියල මන් ෆෝන් එක තිබ්බේ ඇත්තටම ඒ වචන ආපහු මතක් කරමින්.. රස්තියාදු වෙන්න?
කොල්ලෙක්ට කුළුඳුල් ආදරේ වෙනුවෙන් රස්තියාදු වෙන්න බැරිනම්,උන් රස්තියාදු වෙන්නේ නැති නම් ලොකු පුදුමයක්.ඇත්තටම මන් ආදරේ කරනවා ජිවිතේ මුල්ම වතාවට.ඒ වෙනුවෙන් මන් ජීවිතේම කැපකරලා ඉවරයි.එදා ජයික් හිල්ටන් එකේ නිම්නා දැකපු මුල් දවසේ ඉඳන් ගතවුණ හැමතප්පරයක්ම මන් මගේ ජිවිතේ ආදරේ වෙනුවෙන් මහන්සි වෙනවා.
උදේ අටේ ඉඳන් මගේ හිතත් එක්ක කරපු යුද්දෙ නතරකරන්න වෙලාව හරි,දැන් හැමදාම එකම විදිහ උනත් දවසේ මන් ආසම පැය කීපය පටන් ගන්න ලඟයි. ඔෆිස් එකේ ශාන්ත පරිසරයෙන් මිදිලා මන් හැමදාම ආදරේ කරපු ඒ කලබලකාරී කොළඹ නගරයේ වාහන තදබදය එක්ක මුසුවෙද්දීත් මන් හිතුවේ නිමනා ගැන විතරමයි.කොහොමත් මේ ටිකේම මන් වෙන දෙයක් ගැන හිතුවනම් ඒ බොහොම කලාතුරකින්.
හරියටම හතරාමාරයි,නිම්නා කියපු තැන කියපු වෙලාවටම,මන් ගොඩක්ම කැමති එයාගේ මේ කීදේ කරන, කරන දේ කියන චරිතයට..හිනාවක් මුනේ පුරවගෙන කාර් එකට නැග්ග ගමන් කියපු මුල්ම වචනේ
"ඩච් හොස්පිටල්" ඇත්තටම ජිවිතේ මන් යන පාර තීරණය කරන්න එයාට අයිතිය තියෙනවා,එත් මීට ටික කාලෙකට කලින් කෙල්ලෙක් දෙයක් කිව්වනම් මන් කරේ එකේ අනිත් පැත්ත.අද මම කොච්චරනම් වෙනස් වෙලාද? ටවුන් හෝල් ඉඳන් ඩච් හොස්පිටල් එනකම් අපි සෑහෙන්න හිනාවුණා,කතා කලා.ආදරේට කෝඩුකාරයන් උනාම එකේ වරප්‍රසාද උපරිමෙන් විඳින්නත් එපැයි.වාහනේ රෙස්ටුරන්ට් එක ලඟින් පාර්ක් කරල කෙලින්ම ගියේ අපේ පුරුදු මේසෙට.පහුගිය මාස ගානම අපි කියන දේවල් අහන් ඉඳල මේ මේසේ අපිටත් වඩා අපි දෙන්න ගැන දන්නවා මයේ හිතේ...පුරුදු ඔරේන්ජ් ඩ්‍රින්ක් එක ඕඩර් කරපු අපි ඒක එනකම් භාවනාවක,එකිනෙකාගේ ඇස් දිහා බලන්.මෙච්චර වෙලාවක් කතාකරපු හැමදේටම වඩා ඒ මිනිත්තු පහේ අපි අදහස් හුඟක් හුවමාරු කරගත්තා..මුලින්ම නිම්නා
"සමී මන් ඔයාට ආදරෙයි "කියපු මොහොතේ ඉඳන් මේ වෙනකම් ඔයා මාවත් මන් ඔයාවත් කොයි තරම් තේරුම් ගන්න ඇතිද?ජිවිතේ පලවෙනි ආදරේම මේ තරම් හිතට ලංවෙන්න අපි කොයිතරම් පින් කරල ඇද්ද?.... ඒ වෙලාවෙම ආපු බීම වීදුරුව තොල ගාන ගමන් අපි කතාව පටන් ගත්ත.විශේෂ දේවල් නෙවෙයි එදා දවසේ ඔෆිස් එකේ වුනු දේවල්.සීරියස් කතාවකට යන්න එතරම් හදිස්සියක් අපිට නෑ ,මොකද මේ අපි දෙන්නගේ දවස පටන් ගත්ත විතරයි.තව පැය දෙකක් තුනක් ඒ දවසින් අපිට ඉතුරුයි.ඒ අතරෙ නිතරම නොවෙන දෙයක්,මගේ ෆෝන් එක රිංග් වෙනව..නිම්නා මගේ ළඟ ඉද්දිත්.
හ්ම්! හිතුව හරි..තමීරා...
"සමීර..ඔයා ගෙදර එන්න වෙලා යයිද? අද රෑට අම්මලාගේ දිහා යන්න තියෙනවා..ඔයාට අමතක නැනේ? හෙට උදේ මල්ලිගේ ෆ්ලියිට් එක..යන්න කලින් මස්සිනා පොඩ්ඩ බලල යන්න ඕනිලු.. ඉක්මනට එන්න හොඳේ.." මට හෙලෝ කියන වචනේ ඇරෙන්න වෙන මුකුත්ම කියන්න බැරි වුණා.කියනවා කියල මොනවා කියන්නද? ෆෝන් එකෙන් ඇහැ අයින් කරද්දීම දැක්කේ මන් මේ ලෝකේ ගොඩක්ම ආස කරන ඇස් දෙකේ මන් ආසම නැති ඒ අසරණ,අහිංසක බැල්ම..
"තමීරා අක්ක නේද?ඔයා ගෙදර යන්න සමී!!" නිම්නා කිව්වේ එච්චරයි..
අතීතය..(ගොඩක් දුර නැති!!)ජනවාරි 17..ජයික් හිල්ටන් එකේ hrp අවොර්ඩ්ස් වලට මන් ගියේ තමීරාගේ බලකිරීමට.විශේෂයක් අකමැත්තක් නැතත් මට යන්න උවමනාවක් තිබ්බේ නෑ.එත් තමීරාගේ තර්ක විතර්ක ඉස්සරහ හැමදාම මන් අසරණයි.බෝල් රූම් එකේ කොනකට වෙලා ඉද්දි තමීරා එතනට ආවේ තවත් කෙල්ලෙක් එක්ක.මන් දොර ගාව ඉඳන්ම හදන් ආව ව්‍යාජ හිනාව තව ටිකක් වැඩි කරන්ම මන් එයාට අතට අත දුන්නා...
"සමීර මේ අපේ ඔෆිස් එකේ නිම්නා නංගි, මෙයා ලෝ කොලේජ් එකෙන් මේ අවුරුද්දේ අවුට් උනේ...""නිම්! මේ සමීර මගේ හස්බන්ඩ්"එහෙමයි දෛවය මගේම බිරිඳ හරහා මගේ ප්‍රථම ප්‍රේමය මට මුණගැස්සුවේ..
දෛවය මිනිසුන්ට සරදම් කරනවා කියන එක මන් පිලිගන්නවා,ඒත් මට කලේ සරදමක්මද??