Friday, November 16, 2012

අප..


අප,
කම්මලක යකඩ වෙමු,
කිනිහිරේ සැර පහස විඳවන, 
මිටියෙ  බර පහර ඉවසන ,
තැලෙන මිරිකෙන ගිනිපුපුරු උඩ..

නමුදු,
ලැබෙන හැම පහරකම,
රුදුරු බව අප පන්නරය විය,
නැවිය හැකි වුව කඩනු බැරිවෙන,
දිනක "අසිපත්" බවට හැරවෙන..