Saturday, September 29, 2012

දයාබර සොයුරනි..

දයාබර සොයුරනි,

හිරු මුවාකල තිමිර පට කැල
චණ්ඩ මාරුත තුල මැකී යන දින
අඳුර දෙවිමන් අතැර යන කල
 නුඹ හෙලූ ලේ උපන් බිම මත
වේවි මිණිකැට ඉසුර කැන්දන...

නුඹට නොව මතු යනෙන හැමටම
සිප්සයුරේ සුව පහස රැකුමට
නුඹෙන් ගිලිහුන හැම වදනකටම
වග කියයි ලොව රකින බඹ කැල..

නුඹ හෙලු හැම ලේ බින්දුවකම
පන්නරය ලද නුඹේ මිතුරු කැල
මතු දිනක තම උරුම දිනු දින
නුඹ සිනාසෙයි අහස් කුස හිඳ...


Thursday, September 27, 2012

කවියකි අඩක් ලියු පෙර රැයක...

තාලයක් නැති අවසනක් නැති
නිමක් නැති පද වැල් පත් ඉරුව මත රැඳුන
නිමකරන්නට බැරි පෙර ලෙසට
කවියකි අඩක් ලියු පෙර රැයක...

මතු දිනක පබැන්දුමට හිත ගියද පෙර කවිය
ඉඩනොමැත පත් ඉරුව වදන් වැල් අමුණන්න
නොහැකි මුත් නව ඉඩක පෙර වදන් ගලපන්න
පිලියමක් නැති කමට කවි හිතට නවතින්න..

ලියමි නව පදවැලක්
නව තාලයක් ඇතිව
පෙර දිනක කල ලෙසම
ආදරේ නමට..