Tuesday, July 10, 2012

ගොඩක් දුර නැති අතීතෙක...

ගොඩක් දුර නැති අතීතෙක
මිතුරන් එක්වූ සවසක
වස්සාලු මහා වැස්සක්
කවදත් යනෙන වෙරළට...

කුඩයටත් බැහැ වලකන්න
ඔය මුහුණේ එතෙන වැහිපොද
දඟකාරකම් පාන ඔය මුහුණ සිපගන්න
මට බැරිය වැහි බින්දු විලස...

සොහොයුරා ළඟ ඇතියයි
මුවැත්තියක ලෙස ගැහෙන
ඔය සිතට මුමුනන්න වාරු නැත මෙමට
මා නුඹට පෙම් කල බව..